Language

සුනිමල් ගේ පවුලේ ආදායම් වියදම් කළමනාකරණය කරමු.


මුල්‍ය සාක්ෂරතා පුහුණුවේ අංගයකි.
අනුග්‍රහය


මේ සුනිමල් හා නිමාලිගේ පවුලයි.
එම පවුල ඔබගේ පවුල යැයි සිතා මාර්තු මාසය සඳහා ඔවුන්ගේ පවුලේ ආදායම් හා වියදම් පාලනය කරන්න.

ඔවුන් සතු වර්තමාන මුල්‍ය ශක්තිය පහත පරිදි වේ.

  • ක්‍රෙඩිට් කාඩ් පතේ ණය සීමාව රු. 75,000කි. එහි පවතින ශේෂය රු. 39,000කි.
  • ක්‍රෙඩිට් කාඩ් පත භාවිතය වෙනුවෙන් ගෙවිය යුතු මුදල රු. 36,000කි.
  • යතුරු පැදියේ පෙබරවාරි අවසානයේ හිඟ වාරික ගණන 3කි.
  • යතුරු පැදිය සඳහා ගෙවිය යුතු මුළු මුදල රු. 144,000කි.

මාර්තු 1

  • සුනිමල්ගේ වැටුප රු. 45,000.
  • නිමාලිගේ වැටුප රු. 20,000.

මාර්තු 2

ණය ශේෂය රු. 180,000
මුදල් ශේෂය රු. 41,000

නිවසේ මාසික ආහාර සඳහා (රු. 19,000).
පාසල් වෑන් රථයේ ගාස්තුව (රු 5,000).
වියදම් ලෙස අද දිනයේ සිදු කල යුතුයි.

march2

මාර්තු 4

ණය ශේෂය රු. 180,000
මුදල් ශේෂය රු. 41,000

අද නිවාඩු දවස නිමාලි යෝජනා කලේ ළඟ එන අවුරුද්දට ළමයින්ට ඇදුම් ගන්න යන්න. සුනිමල් හිතන් හිටියේ ළමයි එක්ක ටිකක් එලියට යන්න.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 6

ණය ශේෂය රු. 180,000
මුදල් ශේෂය රු.

ලීසිං සමාගමට ගියා. හිග වාරික 04න් (රු. 48,000) වාරික 02ක් වත් මේ මාසේ දැම්මේ නැත්නම් යතුරු පැදිය ආයතනයට ගන්නවලු. අද ගෙවනවනම් දඩ පොලිය රු. 5,000 කපා හරින්න පොරොන්දු උනා.

අවස්ථාව තෝරන්න.


මාර්තු 10

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

නිමාලිගේ 45 වන උපන් දිනය අදයි.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 13

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

ලොකු පුතාගේ ඇඟ රස්නෙයි . කොවිඩ් වලට පාසල් වහන්න කලින් දවසේ වෑන් එකේ යාළුවෙකුටත් උන තිබිලා.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 16

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

කොවිඩ් නිසා රටම ලෝක් ඩවුන්. සුනිමල් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසා දිගටම වැඩට යන්න වෙනවා. යතුරුපැදිය අත්‍යාවශ්‍යම වෙලාවක් මේක.

මාර්තු 20

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

කොවිඩ් නිසා අනිත් අයගේ ආදායම අඩු වෙලා අනිත් අයට සල්ලි දෙන්න විදිහක් නැතිව සුමාලිට සීට්ටුව එකතු කරගන්න බැරිවෙලා. සීට්ටුව දෙන්න වෙන්නේ නෑ කියල කෝල් කරලා කිවා.


මාර්තු 21

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

ලොකු පුතාට පාඩම් වැඩ ඔන්ලයින් කරනවා. වෙනදට ගෙදර කම්පියුටරයට ඩේටා ගත්තේ සුනිමල්ගේ ෆෝන් එකෙන්. සුනිමල් ගෙදර නැති නිසා ඒක කරදරයි.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 24

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

හෙට ඇඳිරිනීතිය තාවකාලිකව අයින් කරනවා. තවත් සතියක්වත් ඉස්සරහට ඇඳිරිනීතිය තියෙනවලු . අතේ සල්ලි ටිකක් තිබ්බනම් හොදයි. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ .

ඔබ මොකද කරන්නේ?


මාර්තු 25

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

ගියමාසේ හිඟ මුදලත් එක්ක විදුලි බිල අවා රු. 4,800 ගෙවන්න වෙනවා.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 27

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

පාසලෙන් වැඩ ගොඩක් එවල ප්‍රින්ට් අවුට් ගන්නේ නැතිව වැඩකරන්න අමාරුයි. ප්‍රින්ටරයක් ගන්න නිමාලි යෝජනා කරනවා රු. 12,500.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 29

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවිය යුතු දිනය අදයි. ශේෂය රු. 36,000 අවම ගෙවිය යුතු මුදල රු. 2,150.

ඔබ මොකද කරන්නේ?


මාර්තු 31

ණය ශේෂය රු.
මුදල් ශේෂය රු.

යතුරුපැදිය සඳහා ගෙවීම් කිරීමට ඇති අවසන් දවස අද.

ඔබ මොකද කරන්නේ ?


ඔබේ මාසයේ සම්පුර්ණ ඉතිරිය රු.

ඔබේ ණය ශේෂය රු.

මාසය තුලදී එකතු වූ ණය මුදල

ක්‍රෙඩිට් කාඩ් පතේ භාවිතා කල හැකි ණය ශේෂය

ක්‍රෙඩිට් කාඩ් අවම ශේෂය

යතුරු පැදිය


නැවත අරඹන්න